ගෝඨා විශේෂ මහාධිකරණයට එයි

ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර විශේෂ මහාධිකරණය වෙත පැමිණ තිබේ. අදාළ චෝදනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේය. ඒ අනුව විත්තිකරුවන්ට අද දිනයේදී ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පසුගිය 27 වනදා අධිකරණය නියෝග කළේය. විත්තිකරුවන්ට එරෙහිව ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 49කට ආසන්න මුදලක් අවභාවිතා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් එල්ල වී…

Read More

අධිකරණ තීන්දුව නොසලකා රට යන්න ගිය ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

පුත්තලම ප්‍රාද්ශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතා අද(10) උදෑසන ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. 2010 ජනවාරි මස 16 වන දින පුත්තලම, මදුරන්කුලම ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් සභාපතිවරයාට නඩුවක් පවතින බවත්, එම හේතුවෙන් විදෙස් ගමන් තහනම් කරමින් පුත්තලම, මහාධිකරණය විසින් තීන්දුවක් ලබා දී ඇති බව ද වාර්තා වෙයි. කෙසේ වෙතත් අධිකරණ තීන්දුව නොසලකා හරිමින් මෙලෙස රටින් පිටව යෑමට උත්සහ කිරීමේ දී අංජන සඳරුවන් මහතා අත්අඩංගුවට පත්ව තිබේ.

Read More