ඤාණසාර හිමියන්ගේ ඇප අයදුම්පත සළකාබැලීම…

ඤාණසාර හිමියන්ගේ ඇප අයදුම්පත සළකාබැලීම කල් යයි… ධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර හයකට බන්ධනාගාරගත කර ඇති බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට ඇප ලබා දීම පිළිබදව සලකා බැලීම ලබන සිකුරාදා දිනට කල් දැමීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේය. අදාළ ණඩු තීන්දුවේ සදොස් තැන් පිළිබදව ඥාණසාර හිමියන්ගේ නීතීඥයන් විසින් අධිකරණයට කරුණු දැක්වූ අතර, අභියාචනය යළි සලකා බැලීම සදහා අභියාචනාධිකරණය සිකුරාදාට දින නියම කළේය. සැත්කමකට භාජයන වූ පූජ්‍ය ඤාණසාර හිමියන් මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

Read More

මහජන මුදල් ගසාකණ රොසී….

රෝසිගේ නිල නිවස පිරිසිදු කිරීමට ලක්ෂ 85ක්… නගරාධිපති නිල නිවසේ පවිත‍්‍රතා සේවාව රුපියල් අසූපන් ලක්‍ෂයක කොන්ත‍්‍රාත්තුවකට දෙවසරක කාලයක් සඳහා පෞද්ගලික සමාගමකට පැවරීමට කොළඹ මහනගර සභාව තීරණය කර ඇත. නගර සභාවේ මුදල් පිළිබඳ ස්‌ථාවර කමිටුව හා මහා සභාව මෙම මුදල් වෙන් කිරීමට අනුමැතිය ලබාදී තිබේ. කොළඹ නගරසභාවේ පමණ ඉක්‌මවා කම්කරුවන් ඇතුළු කනිෂ්ඨ සේවකයන් සිටියදී නිල නිවසේ පවිත්‍රතා කටයුතු පෞද්ගලික අංශයට පැවරීම පිළිබඳව සේවකයෝ විමතිය පළ කරති. කොළඹ මහනගර සභාවට රුපියල් මිලියන 2000 ක ස්‌ථාවර තැන්පතුවක්‌ පවතින අතරම රුපියල් මිලියන 750 ක බැංකු අයිරාවක්‌ද පවතී. නගරාධිපති නිල නිවසේ පවිත්‍රතා කටයුතුවලට අදාළ මීට…

Read More