ඤාණසාර හිමියන්ගේ ඇප අයදුම්පත සළකාබැලීම…

ඤාණසාර හිමියන්ගේ ඇප අයදුම්පත සළකාබැලීම කල් යයි…

ධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර හයකට බන්ධනාගාරගත කර ඇති බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට ඇප ලබා දීම පිළිබදව සලකා බැලීම ලබන සිකුරාදා දිනට කල් දැමීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේය.

අදාළ ණඩු තීන්දුවේ සදොස් තැන් පිළිබදව ඥාණසාර හිමියන්ගේ නීතීඥයන් විසින් අධිකරණයට කරුණු දැක්වූ අතර, අභියාචනය යළි සලකා බැලීම සදහා අභියාචනාධිකරණය සිකුරාදාට දින නියම කළේය.

සැත්කමකට භාජයන වූ පූජ්‍ය ඤාණසාර හිමියන් මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

Related posts

Leave a Comment