කඳු තුනකට ගිනි ඇවිලෙයි- අක්කර 50 ක් විනාශයි

ඇල්ල ආරුක්කු පාලම කන්ද, වැලිමඩ ගවරම්මාන කන්ද ,වැලිමඩ රොහල් කන්ද යන කදු තුනෙහි ඊයේ රාත්‍රී (20) කැලෑවට තැබු ගිනි පැතිර යාමෙන් අක්කර 50 ක පමන හානි සිදුව ඇතැයි ඇල්ල,වැලිමඩ පොලීසි පවසයි.

ගවරම්මාන කන්දේ ගින්න එම ගම්මානයේ නිවාස දක්වාම පැතිරගොස් තිබු අතර එක් නිවාසයකට හානි සිදුව ඇතැයිද පොලිසිය පවසයි .

මේ ගිනි තැබීම් සම්බන්ධයෙන් වැලිමඩ හා ඇල්ල පොලීසි පරීක්ෂණ පවත්වයි.

Related posts

Leave a Comment