අධිකරණ තීන්දුව නොසලකා රට යන්න ගිය ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

පුත්තලම ප්‍රාද්ශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතා අද(10) උදෑසන ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

2010 ජනවාරි මස 16 වන දින පුත්තලම, මදුරන්කුලම ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් සභාපතිවරයාට නඩුවක් පවතින බවත්, එම හේතුවෙන් විදෙස් ගමන් තහනම් කරමින් පුත්තලම, මහාධිකරණය විසින් තීන්දුවක් ලබා දී ඇති බව ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් අධිකරණ තීන්දුව නොසලකා හරිමින් මෙලෙස රටින් පිටව යෑමට උත්සහ කිරීමේ දී අංජන සඳරුවන් මහතා අත්අඩංගුවට පත්ව තිබේ.

Related posts

Leave a Comment